(අප්සරා යෝසිත් විජේසූරිය)
සබරගමු පළාත් සභා නව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද ( 25) සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයදී රාජකාරි ආරම්භ කළේය.
ඔහු සබරගමු පළාතේ 12 වන ආණ්ඩුකාරවරයාය.
සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න , සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා ළමාහා කාන්තා කටයුතු ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න , ජානක වක්කුඹුර, රංජිත් සොයිසා සහ රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවල පළාත්පාලන ආයතනවල නියෝජිත මන්ත්‍රීවරුන්ද සබරගමුව පළාතේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද එක්වූහ.