ප්‍රින්ස් රත්නායක
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 23 වැනි දා සිට ආරම්භ කරන බව සබරගමුව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී.කිත්සිරි මහතා දන්වා සිටියි.
සියලු පීඨයන්හි වසරවල නේවාසිකාගාර හිමි සියලුම සිසුන් අප්‍රේල් 22 වැනි දා නේවාසිකාගාර වලට වාර්තා කළ යුතු බව ලේඛකාධිකාරිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.
දින 47 ක වර්ජනයකින් පසුව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් 17 වැනි දා සේවයට වාර්තා කිරීමට නියමිත බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
“ මාස දෙකකට ආසන්න කාලයක් පැවති වර්ජනය නිමා කර 17 දා සේවයට වාර්තා කිරීමට කටයුතු කරනවා. 10% කින් වැඩිකිරීමට එකඟවූ මාසික හිලව් දීමනාවට අදාළ චක්‍රලේකය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පසුගිය 12 වැනි දා නිකුත් කර ඇති බැවින් එදින සිට වර්ජනය අවසන් කිරීමට තීරණය කළා.
සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුව 17 වැනි දා සිට සියලු සේවකයින් සේවයට වාර්තා කිරීමට සුදානම් ව සිටිනවා. එසේ වුවද එකඟවූ 10% දීමනාව වැඩිකිරීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වියයුතු වුවත් එය අප්‍රේල් 15 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේකය නිකුත් කර තිබෙන බැවින් ඒ ගැන වෙනම සාකච්ඡා කිරීමට අදහස් කරනවා’’ යැයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාලති එඩ්වඩ් මත්වත්ත මහතා කීවේය.