විනීතා එම් ගමගේ
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය රත්නපුර, නවනගරයේ, විද්‍යාල මාවතේ අංක 89/6, දරන ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මෙම නව විගමණික සම්පත් මධ්‍යස්ථානය රුපියල් මිලියන 378ක වියදමකින් ඉදිකළ පස් මහල් ගොඩනැගිල්ලක් වන අතර, විදේශ රැුකියා සඳහා පුහුණු වන ශ‍්‍රමිකයින්ට මෙහි නේවාසික පහසුකම්ද සලසා ගත හැකිය. මීට පෙර ගොඩනැගිලි දෙකක පැවති රත්නපුර විගමණික පුහුණු මධ්‍යස්ථානය හා සබරගමුව පළාත් කාර්යාලය මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට ඇතැයි කාර්යංශය කියයි. .
නව කාර්යාලයේ දුරකථන අංක 045 222 3077/ 045 222 4062වේ. එහි ෆැක්ස් අංකය - 045 223 0105 වේ.