ප්‍රසාද් රුක්මාල්
අධ්‍යාපනයේ පුස්තකාල විද්‍යාගාර ගොඩනැගිලි සඳහා වහා ප්‍රතිපාදන වෙන්කරන ලෙස ඉල්ලමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සරසවි සිසුහු අද (18) බදුල්ල නගරයේ දී ජනතාව දැනුවත් කරමින් අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක නිරතවුහ.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය, සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් මෙය සංවිධානය කර තිබිණි.
බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට දී මෙසේ සරසවි සිසුහු ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදමින් අස්සන් ලබාගැනීම කළහ.