(අජිත්ලාල් ශාන්ත උදය)
සබරගමු මහ සමන් දේවාලය ආශ්‍රිත ප්‍රදේශයෙන් ද කොරෝනා වයිරසය වැළඳුනු හමුදා නිලධාරියෙකු වාර්තාවීමෙන් පසු සබරගමු මහ සමන් දේවාලයේ පූජා කටයුතු මහජනයාට සීමා කළ බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැසුවේය.
‘සමන් දෙවාලේ පූජා කටයුතු සඳහා එන බැතිමතුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි උපදෙස් දෙනවා. දුරස්ථ බව රකිමින් ඉන්න ඕනෑ තැන්වල දුර ලකුණු කරලා තියනවා. බැතිමතුන් ඒවා පිළිපදින්නේ නෑ. පොලිසියටවත් බැතිමතුන් පාලනය කරන්න බෑ. ඒ නිසා පූජා සහ තේවා කටයුතු සඳහා අපි මහජනතාව එකතු කරගැනීම සීමා කළා. එහෙම නැතුව දේවාලය වහලා නෑ ’ යැයි මිගාර ජයසුන්දර ද බස්නායක නිළමේවරයා කීවේය.