සඳුන්පුර වැසියෝ පාරට බසිති


 

(වජිර ප්‍රසන්න)
 
සදුන්පුර - බඹරවාන මාර්ගය අළුත්වැඩියා කර දෙන ලෙස රජයට බල කරමින් මෙම මාර්ගය භාවිතා කරන ජනතාව 500කට ආසන්න පිරිසක් මහියංගනය පොළොන්නරුව  සදුන්පුර ප්‍රදේශයෙන් අවහිර කර උද්ඝෝෂණයේ නිරත වෙති.


වසර 30 කින් මෙම මාර්ගය අළුත්වැඩියා  නොකළ බැවින් බෙහෙවින් අබලන් වී  ඇති බව ඔවුහු පවසති.