(වජිර ප්‍රසන්න)
මහියංගණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සදුන්පුර පාලම අසලදී අද (23) උදෑසන හයට පමණ සිදුවූ ත්‍රි රෝද රථ අනතුරතින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කැප්පෙටිපොළ, පෙල්ලිවින්න පදිංචි පී.සමරසිංහ නැමති (අවු78) අයෙකි.
ත්‍රි රෝද රථය සදුන්පුර පාලම්ඇන්දේ වැදී මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාව වන විට ත්‍රිරෝද රථයේ තිදෙනෙකු ගමන්කර තිබේ.
බරපතල තුවාල ලද අනෙක් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පොලොන්නරුව සහ බදුල්ල මහ රෝහල්වලට මාරු කර ඇත.
රියදුරුට නින්ද ගොස් පාලමේ වැදී මෙම අනතුර සිදුවී ඇතිබව පොලිසිය පවසයි.