ශ්‍රීලනිප වනාතවිල්ලුවට ඇප තියයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇප මුදල් තැම්පත් කිරීම පුත්තලම  සහකාර මැතිවරණ කාර්යාලයේදී අද සිදු විය.
 
 මෙම ඇප මුදල් තැම්පත් කිරීමේ අවස්ථාවට පොල් සංවර්ධන නියෝජ ඇමතිවරයකු වු වික්ටර් ඇන්ටනි  බියන්විල මහතා සමග ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.