(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියෝ අද දෙවැනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම සාදයට සම්බන්ධ වූයේ යැයි, කියන විද්‍යා පීඨයේ සේවක පිරිසක් අද දින නැවත සේවයට වාර්තා කර තිබීමත් සමඟ සිසුන් විසින් මෙසේ උද්ඝෝෂණය කළහ.
ජාතික විද්‍යා පීඨ කොමසාරිස් එච්.එම්.ඒ. බණ්ඩාර මහතා දුරකතනයෙන් සිසුන්ට දන්වා සිටියේ, සිද්ධියට සම්බන්ධ පිරිස පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අද පස්වරුව වන විට තීරණයක් ගන්නා බව සිසුන්ට දැනුම් දුන්නේය.
අද දිනයේදී විසඳුමක් ලබා නොදෙන්නේ නම් උද්ඝෝෂණය දිගටම පවත්වාගෙවන යන බව ද සිසුහු සඳහන් කළහ.