ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයට පිරිපහදු පානීය ජල පෙරනයක්


(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

‘‘ශාන්ති පදනමේ‘‘ සාමාජික දෙහිවල  නැදිමාල  සේනාරත්න ඒකනායක හා චන්ද්‍රා ඒකනායක දානපති යුවල විසින් රුපියල් ලක්ෂ 3 කට අධික මූල්‍ය අනුග්‍රහයෙන් සාලියවැව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ ස්ථාපිත කරවන ලද පිරිපහදු පානීය ජල පෙරනය එම දෙපලගේ ප්‍රධානත්වයෙන් අද (04) දින විවෘත කෙරිණි.

‘‘ශාන්ති පදනමේ‘‘ නිර්මාතෘ හා සභාපති කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේගේ හා සාලියවැව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක වැල්ලගිරියේ සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශාන්ති පදනමේ සාලියවැව සංවිධායක ඩබ්.එල්. සරත් විජේකුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ජල පෙරණය ස්ථාපිත කරන ලදී.

සුමංගලාරාම විහාරස්ථානයට වැඩම කරවන මහා සංඝරත්නයට, බැතිමතුන්ට, පෙහෙවස් සමාදන් වන උවැසි උවැසියන්ට හා දහම්පාසල් දරු දැරියන්ට පිරිපහදුකළ ප්‍රමිතියෙන් යුතු පානීය ජලය ලබා දීම මෙහි අරමුණ බව ශාන්ති පදනමේ සාලියවැව සංවිධායක සරත් විජේකුමාර මහතා මෙහිදී පැවසීය.