(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
අපවත් වී වදාළඅලුත්ගම එෙතිහාසික කන්දේවිහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය අති පූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැකවීම සඳහා (07)දා රාත්‍රී 10.00ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එෙතිහාසික කන්දේවිහාරයට පැමිණි සිටි අයුරුයි.
හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත යන මහත්වරු හා විහාරාධිකාරී පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියෝද මෙහි වෙති.
නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 10 වන සඳුදා සවස 2.00ට අලුත්ගම කාලවිලවත්ත ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.