වොෂින්ටන් මහමෙව්නාවේ වස් පින්කම


2016 වසරේ වස්සාන සමය නිමිති කරගෙන වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ "මහමෙව්නාවේ පින්බර වස්සානය" දහම් වැඩසටහන් මාලාවේ නිමාව සනිටුහන් කරමින් පසුගිය ඔක්තෝබර 22 වැනි සෙනසුරාදා බුදු පසේ බුදු මහරහත් වන්දනාවක් අසපු භුමියේ දී පැවැත්විණි.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද  මාතංග පසේ බුදුරජාණන් වහන්සේටද , සාරිපුත්ත මහ රහතන් වහන්සේට ද එහිදී පුද පුජා පැවැත්විණි. පූජනීය බණ්ඩාරවෙල සීලවිවේක ස්වාමීන් වහන්සේගේ මෙහෙය වූ මේ උතුම් පින්කමට ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති  ප්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

1[1] 2[1] 3[1] 4[1]