(ඩබ්ලිව්.ඒ. අසේල)
මාරස්සන ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයාට අයත් පෞද්ගලික මෝටර් රථය රෝහල් භූමියේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් අලාභහානි කර ඇත.
වාහනයේ ඉදිරිපස වීදුරුවට හා පැති වීදුරුවලට හානි කර ඇති අතර රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් සිදුවී ඇති බවට තලාතුඔය පොලීසියට පැමිණිලි කර ඇත.
කුමන හේතුවක් නිසා මෙසේ වාහනයට හානි කළාද යන්න නොදන්නා බව වෛද්‍ය ඩබ්ලිව්.එම්. ජයරත්න බණ්ඩාර මහතා පවසයි.