වෛද්‍යවරයා ඝාතනය කළ තිදෙනා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

කොටහේන ප‍්‍රදේශයේ තනිව වාසය කළ වෛද්‍යවරයකුගේ අත්පා බැඳ දෑසට මිරිස්කුඩු ගසා හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා ලබන 18 වැනි දා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණීය මහතා අද (4) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර සිටි බාලවයස්කාර දරුවා මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ සියපත් උයන නිවාස, දෙමටගොඩ ලිපිනැති රමේෂ් රාජා මහේන්ද්‍රන් (19) නැමැත්තා සහ කොටහේන ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක සහ 17ක බාලවයස්කාරුවන් තිදෙනෙකි.

නො. 30, බ්ලූමැන්ඩල් පටුමග කොළඹ 13 පදිංචිව සිටි ශේවියල් ජෝෂප් මෙරිල් සුරේෂ් කුමාර් බි‍්‍රටේ (68) නැමැති වෛද්‍යවරයාව අත්පා සහ ඇස් බැද දමා ඝාතනය කර තිබියදී කොටහේන පොලීසිය සොයා ගනු ලැබුවේ ඉකුත් මැයි මස 22 වැනිදාය.