වේයන්ගොඩ පොලිසියේ 6 කට කොරෝනා


(ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් අද (23) පස්වරුවේ පැවසීය.

පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට, උප පොලිස් පරීක්ෂක වරුන් දෙදෙනෙකුට, පොලිස් සැරයන්වරියකට හා කාන්තා පොලිස් කොස්තාපල්වරියකට එසේ වයිරසය ආසාදනය වී ඇති බවද එම ප්‍රකාශකයා කීය.

කිසියම් රෝග ලක්ෂණ මතුවීම  හේතුවෙන් එම හය දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කිරීමේදී වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

එම නිලධාරීන් සිව් දෙනා හා නිලධාරිනියන් දෙදෙනා සිය නිවාසවලම ස්වයං නීරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා සදහන් කළේය.