රංජිත් රාජපක්‍ෂ
හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ ප‍්‍රපාතයට පෙරලිමෙන් එම මෝටර් රථයේ රියදුරා සුලූ තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි.
අද (14) මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ ගැලැන්කන් කැන්දගොල්ල ප‍්‍රදේශයේදිය.
එම මෝටර් රථයේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර මෝටර් රථය ධාවනය කළ නිසා මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.