වෙළඳසලක් කොල්ල කෑ දෙදෙනෙක් දැලේ


(දයාරත්න ඇඹෝගම)

තඹුත්තේගම රැජින හන්දියේ වෙළෙදසලකින් රුපියල් එක්ලක්ෂ අසුපන්දහසක මුදලක් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සේවයෙන් ඉවත් කරනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම සහ මාතලේ ප්‍රෙද්ශයේ පදිංචි හමුදා සේවයෙන් නෙරපා හරිනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය මාර්තු මාසයේ 28 වැනි දින දුරකතන කාඩ් පතක් මිලදි ගැනිම සදහා මෙම වෙළද සලට පැමිණ  ඇතැයි පොලිසිය කියයි.

ඒවන විට වෙළද සලේ හිමිකාරිය විසින් මුදල් නෝට්ටු ගනිමින් එවා කුඩා බෑගයට හසුරමින් සිට තිබුණි. මෙම සැකකරැවන් දෙදෙනා දුරකතන කාඩ්පතක් ලබාගෙන එම කාඩ්පත් අංකය සිය දුරකතනයට ඇතුළු කර ගෙන එම කාඩිපත කඩය ඇතුලේම දමා මුදල් බැගයද පැහැර ගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

පසුව පොලිසියට ලැබුණු පැමිණිල්ල මත අදාළ දුරකතන අංකයේ සිරියල් අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදි අදාල දුරකතන අංකය සොයා ගැනිමට පොලිසිය සමත්විය.

පසුව එම වෙළදසලේ  සේවිකාවක් හරහා සැකකරැ සමග සමිප සම්බන්ධතාවයක් ගොඩා නගා තඹුත්තේගම නගරයට ගෙන්වා ගෙන මෙසේ සැකකරැවන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන තිබුණි.