වෙසක් දා ගවයින් මස් කළ අයෙක් අත්අඩංගුවට



 
 
(ජේ.කේ එල් චාමින්ද )
 
ගිංතොට ප්‍රදේශයේ  නීතිවිරෝධි ලෙස  පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක ගවයින් දෙදෙනෙකු මස් කරමින් සිටි පුද්ගලයෙක් ගව මස් කිලෝ 320ක්  සමඟ ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙකී ගව ඝාතකාගාරය වටලන  අවස්ථාවේ ගවයින් දෙදෙනෙකු මස් කරමින් සිට ඇත. 
 
වෙසක්  පෝය  නිමිත්තෙන් මස් කඩ වසා දමා  තිබෙන අතර  ඒ නිසා වැඩි මිලට ගව මස් අලෙවි කිරිම සඳහා මෙම සතුන් වෙසක් පෝය දිනට පෙරදින මරා මස් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.    ​