(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සහාපති වැඩබාර ගැනීමේ උත්සවය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 2 ක පමණ ප්‍රමාණයක් වැය කිරිම මහජන මුදල් නාස්තියක් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ශිරොන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
වෙන්නප්පුව ප්‍රාදේශයේ වරිපනම් ගෙවන බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වන ප්‍රාදේශීය සභාව මේ ආකාරයෙන් මුදල් නාස්ති කිරිම විශාල අපරාධයක් බවත් තමන්ටද මෙම උත්සවය සඳහා ප්‍රාදේශීය සභාවෙන් ආරාධනා පතක් ලැබුණත් මෙවන් ජනතා මුදල් නාස්තියක් සඳහා දායක වීමට තිබු අකමැත්ත නිසා මන්ත්‍රී කණ්ඩායම මෙම උත්සවය වර්ජනය කළ බව විපක්ෂනායකවරයා පැවසීය.
අපි මෙම මන්ත්‍රී ධූරවලට ජනතාව පත්කළේ අසරණ ජනතාවගේ ගැටළු ප්‍රශ්න වලට විසඳුම් සෙවිමට මිස නාස්තිකාර උත්සව වලට සහභාගි වීමට නොවන බවත් මෙම උත්සවය සඳහා පාලක පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවත් මෙය දේශපාලන රැස්වීමක් මිස පොදුවේ ප්‍රාදේශීය සභාවේ උත්සවයක් නොවු බවත් මෙවන් නාස්තිකාර වැඩවලට එරෙහිව ඉදිරියේදිත් සභාවේ හඬක් නගන බව විපක්ෂනායක ශිරොන් ප්‍රනාන්දු මහතා කීවේය.