වෙන්නප්පුවේ ඇළක ගිනි අවියක්


 (චන්දන ප්‍රනාන්දු)                                       
වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේදී  ඇළ මාර්ගයක් පිරිසිදු කරමින් සිටි ගම්වාසීන් පිරිසකට මෙරට නිෂ්පාදිත වායු රයිෆල් වර්ගයේ ගිනි අවියක් හමු වි එය පොලිස් බාරයට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි .                               

සිරිගම්පල තිල්ලවල ප්‍රදේශයේ   වි වගාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනිමට අවහිර වි තිබු ඇළ මාර්ගයක්  පිරිසිදු කරමින් සිටි ගම්වාසීන් හා ප්‍රාදේශිය සභා සේවකයන් පිරිසකට මඩේ තිබු ගිනි අවියක් හමු වි එය ග්‍රාම නිළධාරි මාර්ගයෙන් වෙන්නප්පුව පොලිසියට කළ  දැනුම් දීමක් අනුව පොලිස් නිළධාරින් එම ගිනි අවිය පොලිස් බාරයට ගෙන තිබේ                                 

මෙම ගිනි අවියේ කේත අංකයන් සඳහන් වි ඇති බවත් ඒ අනුව එහි අයිතිකරු සොයා පරික්ෂණ සිදු කරන බව වෙන්නප්පුව පොලිසිය පැවසීය.                                                                         

මෙම ගිනි අවිය යම් අපරාධයකට භාවිත කර ඇළ මාර්ගයට විසිකර ගියාද එසේත් නැත්නම් වෙනත් කරුණක් නිසා මෙය අතහැර දැම්මාද  යන්න සොයා පරික්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.