(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ඩී. ඇස් සේනානායක හන්දියේදී පොලිස් වෙඩි පහර කා නොනවත්වා පලාගිය, කොල්ල කල්ලියක් ගමන්ගත් වෑන් රිය රාජාංගනය ප්‍රදේශයෙන් කුලියට ලබාගත් එකක් බව හෙළි වී ඇතැයි මීරිගම පොලිසිය කියයි.
එම වෑන්රිය රාජාංගනයේ පහේ කණුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවද, එම කාන්තාව මාසයකට පමණ පෙරදී මිලට ගෙන ඇති බවද, ඇගේ සහෝදරයකු මෙම සිද්ධියට පෙරදිනයේ එම අයගේ හිතවතකුට රථය කුලියට දී ඇති බවද හෙළිවී ඇත. දිනකට රුපියල් 3,500 බැගින් ගෙවීමේ පදනම මත රිය දින හතරක කාලයක් සඳහා රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෑන් රිය අයිති කාන්තාවගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවද වෑන්රිය කුලියට දුන් ඇගේ සහෝදරයාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.
මෙසේ වෑන් රිය කුලියට ගත් පුද්ගලයා රටපුරා ගමන් කරමින් රෙදි සොරකම් කිරීමේ නිරත පුද්ගලයකු බවද, සිර දඬුවම ලබමින් සිටි ඔහු පසුගිය ජුනි මාසයේදී හිරෙන් නිදහස්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
පසුගිය 13 වනදා මීරිගම ඩී.ඇස් සේනානායක හන්දියේදී පොලිස් අණ නොතකා පලා ගිය මෙම වෑන් රියට පොලිසිය විසින් වෙඩි තබන ලද අතර, එය නොනවත්වා පලා ගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.