(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
අගරපතන පොලිස් වසමට අයත්, වුඩ්විල් තේවතුයායේ, වුඩ්ලැක් කොටසේ පදිංචි වතු කම්කරුවකුට පහරදී මරා දැමීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අද (15) අත්අඩංගුවට ගනු ලැබූ බව ආගරපතන පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, රාමයියා පෙරියසාමි නැමති 30 හැවිරිදි පුද්ගලයෙකි
මියගිය අයගේ බිරිඳ තම ස්වාමියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇගේ ඥාතියකුගේ නිවසට ගොස් රැඳී සිටියදී ඇය කැටුව ඒමට මරණකරු ඥාතියාගේ නිවසට පැමිණි විට එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව එම නිවසේ පදිංචිව ඥාති සහෝදරයන් දෙදෙනෙකුගේ පහරදීමට ලක්වීමෙන් ඔහු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.