වීසා නැතිව සිටි බංගලිදේශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට


(ඩබ් ඒ පියතිලක)

වීසා නොමැතිව මෙරට රැදී සිටි බංගලිදේශ ජාතිකයන් සිව් දෙනෙකු අද (29) දින මැදිරිගිරිය දිවුලන්කඩවල පිහිටි මාර්ග බාධකයෙ දි  සෝදිසි  කිරිමේ දි  අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
 
හිගුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දි   දිවුලන්කඩවල පිහිටි පොලිස් මාර්ග බාධකයෙදි එහි පොලිස් නිළධාරින් විසින් මෙම පිරිස පරික්ෂාවට ලක් කර අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔහුන් පවසා ඇත්තේ මෙරට පුද්ගලික දුරකථන ආයතනයක සේවය කරන බවයි. මෙරට රැදි සිටිම සදහා විසා නොමැති නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.‍