වී සොරකම කළ දෙදෙනෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

වවුනියාව කන්දපුරම් හි පෞද්ගලික වී ගබඩාවක තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් වී සොරකම් කළ පුද්ගලයින් දෙදෙනකු අද (03) වවුනියාව නෙලූක්කුලම ප‍්‍රදේශයේදී වවුනියාව පොලිස් අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගනු ලැබීය.

වී සොරකම සඳහා අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයකු වී ගබඩාවේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය , කොණ්ඩාවිල් හා වවුනියාව කූමාන්කුලම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 - 45 අතර වයසේ පසුවන් වෙති.