විහාරවාසී හිමි නම යළි ගෙන්වා ගන්න සත්‍යග්‍රහයක්



 
(ඔගස්ටින් ප්‍රනාන්දු)          
 
හලාවත ජයබිම සාම විහාරස්ථානයේ විහාරවාසී හිමියන් යළි විහාරස්ථානයට වැඩම කරවන තුරු විහාරස්ථානයේ දායකයින් 10 දෙනකු  අද (21)  උදෑසන සිට සත්‍යග්‍රහයක් අරඹා ඇත.
 
විහාස්ථානයේ ජල ටැංකිය ඉදි කිරිමට සකසා ඇතු  කුළුණ මත වැසි ආවරණයක් සකස් කර ගෙන ඒ තුළ රැදි සිටිමින් ඔවුහු සිය සත්‍යග්‍රහය පවත්වා ගෙන යති.
 
 
විහාරස්ථානයේ වැඩ විසු  හිමි නම  කිසිවකු සමඟ ඇති වු කතා බහකින් ඇති වු හිත් රිදීමක් නිසා  කිසිවකුටත් නොකියා  විහාරස්ථානයෙන් පිටත් වී යාම නිසා  හිමි නම නැවත ගෙන්වා ගැනීමට මෙම සත්‍යග්‍රහය ඔවුන් අරඹා ඇත.
 
විහාරස්ථදායක සබාවේ සභාපති හේමරත්න දිසානායක මහතා  පැවසුයේ   ඉතා සුඵ සිද්ධයකින් ඇතිවු සිත් බිදිමකින් උන්වහන්සේ කිසිවකුත් නොදන්වා විහාරස්ථානය හැර ගොස් ඇති බවත් කඩිනමින් උන්වහන්සේ ගෙන්වා ගන්නා බවත්ය.