(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ ජන්‍ය මුත්‍ර විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය නිසි පරිදි නොලැබීම නිසා මුත්‍රාශය ආශ්‍රිත රෝග සදහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හා එම සැත්කම් වලට පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ .
එම විශේෂඥ වෛද්‍යවරයා බදුල්ල මහ රෝහලට පැමිණෙන්නේ සතියට දිනක් පමණක් වීම මේ තත්ත්වයට බලපා ඇති බව රෝගීහු කියති .
අනෙක් දිනවල ඔහු කොළඹ පුද්ගලික රෝහලක මෙම සැත්කම් කරන බවද රෝගීහු චෝදනා කරති .
මුත්‍රාසයේ ගල්, මුත්‍රාසයේ පිළිකා වැනි සැත්කම්වලට බඳුන් විය යුතු රෝගීන්ට මේ නිසා මාස ගණනාවක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇති අතර එම කාලය තුළ ඇතැම් රෝගීන් මියගොස් ඇති බවද දැනගන්නට ඇත.
විශේෂඥ සායන හා ප්‍රතිකාර සඳහා දුර බැහැර සිට පැමිණෙන රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරයා නොමැතිකමින් අවස්ථා කිහිපයකදීම ආපසු හැරී යාමට සිදු වූ බව රෝගීහු කියති.
මේ සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව රෝගීන්ගේ මැසිවිලි නිතරම ඇසෙන බවත් ඇතමුන් ලිඛිතව මේ සම්බන්ධයෙන් තමාට දැනුම් දී ඇති බවත් ය.
ඒ අනුව මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළ බවද හෙතෙම කීය.