බිමල් ශ්‍යාමන්
නුගේගොඩ තලපත්පිටිය සමගි මාවතේ නිවසකදී 80 හැවැරදි විශ්‍රාමික විදුහල්පතිනියකගේ ගෙල මිරිකා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරිඝණක තාක්ෂණ වේදියකු ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අද (14) අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
තදින් මත්කුඩු වලට ඇබ්බැහි වු පුද්ගලයෙක් විශ්‍රාමික විදුහල්පතිනියගේ නිවසේ නේවාසිකව සිටි බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට තොරතුරු ලැබි තිබේ.ඒ අනුව එම පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වමින් සිටියදී ඔහු උඩහමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල රැදී සිටින බවට ලැබුන තොරතුරක් අනුව සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේදී විශ්‍රාමික විදුහල්පතිනියගේ ඝාතනය සිදු කළ ආකාරය හා ඝාතනයට හවුල් වූ ඔහුගේ මිතුරන් දෙදෙනකු පිළිබඳව අනාවරණය වී තිබේ. පසුව ඔවූන් දෙදෙනා හෝකන්දර නිවසක සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
පරිඝණක තාක්ෂණ වේදියා සිදු කළ යොජනාවකට අනුව මෙම ඝාතනය සිදුකර විදුහල්පතිනියගේ රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමට තීරණය කළ බව වැඩිදුර ප්‍රශ්න කිරිම් වලදි අනාවරණය වූ බව පොලිසිය කියයි.
විශ්‍රාමික විදුහල්පතිනියගේ ඝාතනයේ සුලමුල හෙලිවෙයි
Recommended Articles