විවාහක ඥාතියා 15 හැවිරිදි සිසුවිය මවක් කරයි


(පාලිත ආරියවංශ )
 උණ හා උදරයේ වේදනාවක් යැයි පවසමින්  ප්‍රතිකාර ලබාගැනීම සදහා තම  මව සමඟ බදුල්ල මහ රෝහලට පැමිණි 15 හැවිරිදි  ශිෂ්‍යාවක්  පරීක්ෂා කිරීමේදි ඇය ගැබිනියක් වී ඇති බව අනාවරණය විනැයි  බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා පැවසීය .


ඒ අනුව ඇය ගැබිනි වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු දරුවෙක් ප්‍රසූත කර තිබේ .එම දරුවාගේ දෙපාවල අසාමාන්‍ය තත්වයක ඇති බවද රත්නායක මහතා පැවසීය .

තම ඥාති සොයුරෙකු විසින් තමා කීහිපවතාවක්ම අතවරයට ලක් වු බව ඇය සාක්කි ලබා දී තිබේ.


21 හැවිරිදි සැකකරු විවාහකයෙක් වන අතර ඇය මෙම දැරිය ට අතවර  කර එය හෙළිනොකරන ලෙසට  මරණ තර්ජන සිදුකර ඇති  බව විමර්ශන වලදි අනාවරණය වු බව පොලිසිය  පවසයි .දරුගැබ නොපෙනන සේ ඇදුම් වලින් ආවරණය කළහැකි   බවත් මව ඒ ගැන නොදැන සිටියත් මෙම දැරිය අනිවාර්යෙයන්ම  මේ බව දැනසිටිය යුතු බව  පැවසු අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා  අධිකරන වෛද්‍ය ඒකකයෙන්ද  මේ පිළිබදව පරික්ෂණ  පැවැත්වෙන බව පැවසීය 


මේ සිද්ධියට මුහුණ පා ඇත්තේ බදුල්ල නගරයට නුදුරු පාසැලක  ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි . සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිසිය සදහන් කළේය