විල්පත්තු රක්ෂිතයෙන් කැපු බුරුත කඳන් සමඟ දෙදෙනකු අත්අඩංගුවට


(පද්මා කුමාරී කංකානම්ගේ )
 
විල්පත්තුව  වන රක්ෂිතයෙන් කපා, කළපුව ඔස්සේ  ප්‍රවාහනය  කළ රුපියල් ලක්ෂ 12 ක පමණ වටිනාකමින් යුතු, බුරුත කඳන් තොගයක් කල්පිටිය කුරුඥම්පිටිය නිවසක ගබඩා කර තිබියදී,සැක කරුවන් දෙදෙනෙකු ද සමඟ   අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.
 
සැක කරුවන් දෙදෙනා කල්පිටිය සහ ආනවාසල පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව,දැව ගබඩා කර තබා ගැනීමට අදාළ බලපත්‍රයක් නොතිබුණු බැව් කල්පිටිය පොලිසිය පවසයි.
 
සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.