විභාග මධ්‍යස්ථාන අසළ නළාව හැඬ වූ කොන්දොස්තරට දඩ


ඩබ්ලිව් ඒ. අසේල

 
දෙල්තොට සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන තුනක විභාග අපේක්ෂකයින්ට බාධා වන පරිද්දෙන් විවිධ හඬ ඇති නළාවක් හැඬවීමේ වරදට පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට රුපියල් 8,500ක දඩයක් සහ එම නලාව රාජසන්තක කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියම කළේය.
 
මෙම බස්රථය විභාගය පැවැත්වෙන අවස්ථාවේ විවිධ හඬ ඇති බසයේ නළාව නාද කරමින් ගමන් ගත් අවස්ථාවේ ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක්‍ විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
 
එම බස්රථය ධාවනය කොට ඇත්තේ බසයේ කොන්දොස්තරවරයා බව හෙළි වී ඇත.
 
ඔහුට රුපියල් පන්දහසක් හා නළාව සංඥා කිරීමේ වරදට රුපියල් තුන්දහස් පන්සියයක් සමඟ මෙම දඩ මුදල නියම කොට ඇත.