බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉංගිරිය හඳපාන්ගොඩ කොස්හේන ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ විදේශීය ගිනි අවියක් හා ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අද(18) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය ලද තොරතුරකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කැලෑවක සඟවා තිබූ ගිනි අවිය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ සමග වියට්නාම ජාතියන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ගිනි අවිය පහසුවෙන් ගෙන යා හැකි පරිදි කපා සකස් කර තිබූ බවද ඔහු වැඩිදුරටත් කීවේය.
අත්අඩංගුවට පත් පුද්ගලයා 49 හැවිරිදි ගොවියකු බව පොලිසිය පවසයි.