පාලිත ආරියවංශ
ඇල්ල ප්‍රදේශයේදී අබුඩාබි සිට පැමිණ 31 හැවිරිදි විදේශීය කාන්තාවකට ලිංගික අතරව කළ බව කියන ඇල්ලේ සංචාරක හෝටලයක සූපවේදියෙකු අද (27) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
සැකකරු ත්‍රීරෝද රථයක් පදවාගෙන පැමිණෙමින් සිටියදි මෙම කාන්තාව එය නවත්වා ඇල්ල නගරයට යාම සඳහා ඊට ගොඩවී ඇති අතර මද දුරක් පැමිණි පසු සැකකරු ඇයට ලිංගික අතවර කර ඇතිබවත් ත්‍රීරෝද රථයෙන් බිමට පැනගත් කාන්තාව දිවගොස් හෝටලයක ට වැදී සැකකරු ගෙන් බේරී ඇති බවත් පැමිණිල්ලේ සදහන්වන බව පොලිසිය පවසයි .
විදේශීය කාන්තාව එම හෝටලයේ සිටි තවත් විදේශීකයන් දෙදෙනෙක් සමග ගොස් ත්‍රිරෝද රථය හදුනාගැනීමෙන් පසු පොලිසියට පැමිණිලි කළ බවත් පොලිසිය කියයි .
ඒ අනුව විමර්ශන සිදුකළ ඇල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බණ්ඩාරවෙල අඹදන්ඩේගම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය සදහන් කරයි .
ඇල්ලේ සංචාරක හෝටලයක සූප වේදියෙක් වන සැකකරු හෝටල් හිමියාට නොදන්වා හෝටලයට අයත් ත්‍රිරෝද රථයක් මෙසේ රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
සැකකරු (27) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .