විදේශිකයා හරිතාගාරයකට මුවාවී ගංජා වවයි


( අහංගම සුමතිපාල දීයගහගේ) 


 හරිතාගාරයක් පවත්වා ගෙන යන මුවාවෙන් සංචාරක හෝටල් භූමියක කර තිබූ ගංජා වගාවක් වටලා ගංජා ගසක් ගංජා ග්‍රෑම් 18 ක් සහ විදේශීය රටකින් ගෙන්වල ලද ගංජා බීජ පැකට් දෙකක් සමග ජර්මන් ජාතිකයෙකු හබරාදුව කොක්වත්තේදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.


මෙම ගංජා වගාවේ තිබූ අගල් 10 ක් උස ගංජා ගසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තවත් ගංජා ගස් කීපයක් කපා ඉවත්කර ඇති බවද අනාවරනයවී ඇත. මිට මාස කීපයකට පෙර මෙම විදේශිකයා හබරාදුව කොක්වත්ත ප්‍රදේශයෙන් සංචාරක හෝටලයක් කුලියට ගෙන එහි හරිතාගාරයක් පවත්වා ගෙන යන මුවාවෙන් පිටරටින් ගංජා බීජ ගෙන්වා මෙහි වගාකර ඇති බවද පොලිසිය පැවසීය.


 සැකකරු අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. හබරාදුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.