(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල චීන කොටුව ප්‍රදේශයේ වෙළඳසැලක තිබී විදෙස් දුම්වැටි තොගයක් අද (07) අත්අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය
දුම්වැටි තොගය සමඟ වෙළඳසැල් හිමියාද අත්අඩංගුවට ගෙන තිබේ.
එම දුම්වැටි තොගය තීරුබදු රහිතව මෙරටට ආනයනය කර ඇති බවත් උපාය දුතයෙකු යොදවා දුම්වැටි එම වෙළෙඳ සැලෙන් මිලදීගෙන සැකකාර වෙළඳසැල් හිමියා සමඟ දුම්වැටි තොගය අත්අඩංගුවට ගත් බව එම නිලධාරීයා සඳහන් කළේය.
දුම්වැටි 600 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ ප්‍රසිද්ධියේ අලෙවියට තබා ඇති බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මෙවැනිම වරදක් වෙනුවෙන් මීට පෙරද බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අයෙකු බව පොලිසිය පැවසීය.
සැකකරු නඩු භාණ්ඩ සමඟ කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


