ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්
ගලේවෙල තලකිරියාගම මිවලපතහ ප්‍රදේශයේ නිවසක සවිකර තිබු විදුලි මිටරයේ වයරයක් ගැලවිමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ඊයේ (12) දා රාත්‍රි 11 පමණ මෙය සිදුවි ඇත.
මිවලපතහ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ලක්ෂ්මන් සිරිමාන නැමති මානසික රොගයකින් පෙලෙන අයෙකු මෙලෙස නිවැසියන් නිවසේ නොසිටිි අවස්ථාවේදි නිවස පිටුපස තිබු විදුලි මිටරයේ වයරයක් ගැලවිමට උත්සාහ කලවිටදි විදුලි සැර වැදි මෙන් පසු බරපතල තත්වයෙන් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
ගඩොල් කපා සිය ජිවිකාව රැකගත් ලක්ෂ්මන් මිට කලකට පෙර මානසික රෝගයකින් පිඩා විඳි බවත් මෙලෙස මානසික රොගය උස්සන්න වි සිය නිවසේ තිබු විදුලි මීටරයේ වයරය ගැලවිමට යාමේදි විදුලි සැර වැදි මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශනවලදි හෙලිවි ඇත.
මෙම හදිසි මරණ පරීක්ෂණය අද (13) උදෑසන දඹුල්ල මූලික රෝහලේ පැවැත්විමට නියමිතව තිබිණ
ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.