(හිඟුරානේ නවරත්න සමරතුංග)
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ ගලපිටගල නැගෙනහිර කොටසේදී වල් ඌරන්ට අදින ලද විදුලි රැහැනක පැටලීමෙන් තරුණ අලි පැටවෙකු සහ වල් ඌරෙකු මියගොස් ඇතිබව ගලපිටගල වනජීවී බීට්ටු කාර්යාලය පවසයි.
අවට ඇති ප්‍රධාන විදුලි රැහැන්වලින් කම්බි කොකුගසා කුඹුරු ආරක්ෂාව සඳහා විදුලිය යොදා තිබෙන බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන ඇති බව කියති.
වයස අවුරුදු 18 පමණ වූ උසින් අඩි 8’-10” ක්වන පිරිමි සතෙකු මෙසේ මියගොස් ඇත.
මෙම අලි පැටවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ලැබෙන නියමය පරිදි පශු වෛද්‍ය වරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බවද බීට්ටු කාර්යාලයේ ප්‍රකාශක යෙකු ‘ලංකාදීප’යට කීය.