සිතුම් චතුරංග
වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රඳවා සිටි කූපර් නැමති නිල සුනඛයා අද (10) උදෑසන විදුලි සැර වැදී මියගොස් ඇති බව වවුනියාව පොලිසිය කියයි.
නිල සුනඛයාට විදුලි සැර වැදින අවස්ථාවේ එම සත්වයා බේරාගැනීමට ගිය සුනඛයා භාර පොලිස් කොස්තාපල්වරයා ද විදුලි සැර වැදී රෝහල් ගත කළ බව කියයි.
මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ කූපර් නැමති ලැබ්ඩර්ඩෝ වර්ගයේ සුනඛයකු වන අතර එම සත්වයා භාරකරු වූ පොලිස් කොස්තාපල් 60318 යු.ජි.අයි. උදය කුමාර නිලධාරියා විදුලිසැර වැදී වවුනියාව රෝහල වෙත ඇතුළත් කර සිටියි.
නිල සුනඛයා උදෑසන ශරිර සුවතාවය සඳහා පොලිස් ක්‍රීඩාංගණය තුළ ඇවිදිමින් හා ක්‍රීඩා කරමින් සිට කම්බි වැට අසලට ගොස් ඇති බවත් එහිදී විදුලි සැර වැදී තිබූ බවයි.
මියගිය නිල සුනඛයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊරට්ටපෙරියකුලම පශු වෛද්‍ය ඒකකයේ පැවැත්වීමට නියමිතව තිබිණි.
සුනඛයාගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.