විදුලි සැර වැදී වන අලියෙකු මරුට


(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ගම්මානයේ දි විදුලි සැර වැදිමෙන් වන අලියෙකු මියගොස් තිබේ .


අවස්ථා කිපයකදීම වන අලි මෙම නිවසේ වී කෑම සදහා පැමින ඇති අතර නිවස අයිතිකරු විසින් වන අලින් ඒම වැලැක්විම සදහා නිවස වටා ලාම්පු යොදා ආලෝක  කර තිබේ .


රාත්‍රි වි කෑමට පැමිනි වන අලියෙකු මෙම වයරයක් කැඩීමට උත්සාහ කිරීමේදි විදුලිය සැර වැදි මියගොස් තිබේ.
වයස අවුරුදු 25 ක් පමන වන මෙම අලියා පිරිමි සතෙකි. මෙම අලි මරණය සම්බන්ධයෙන් නිවසේ අයිතිකරු අම්පාර වනජීවි නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අම්පාර මහේස්ත්‍රාත් ලක්මිණි විදාන ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරැව මෙම මස අටවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.