විදුලි සැර වැදී අයෙක් මරුට


(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව, අරලගංවිල, ගල්තලාව ප‍්‍රදේශයේ දී පුද්ගලයකු ගෙවත්තේ දී විදුලි සැර වැදී අද (7) මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි තිදරු පියෙකි. එලෙස මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.ජයසුන්දර නැමැති මහවැලි ගොවියෙකි.

ඔහු තම ගෙවත්තේ ඇති වගාවන්ට ජලය සැපයීම සඳහා විදුලියෙන් ක‍්‍රියාකරන වතුර මෝටරයට විදුලිය සම්බන්ධ කිරිමට යාමේ දී  විදුලි සැර වැදී ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් හදිසි පශ්චාත්  මරණ පරීක්ෂණය අද පොළොන්නරු මහ රෝහලේ දී සිදු කෙරිණි. අරලගංවිල  පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.