විදුලි සැර වැදී වතු කම්කරුවා මරුට


(ශාන්ත චන්ද්‍රසිරි)

නිවස අසල එළවළු වගා බිමකට ඇද තිබු අනවසර විදුලි රැහනක් ගැලවීමට ගිය පුද්ගලයෙකු විදුලිය සැරවැදීමෙන් අද (01) මිය ගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ වටගොඩ, දකුණු මඩකුඹුර වත්තේ දකුණු කොටසේ පදිංචි (67) හැවිරිදි විශ්‍රාමික වතු කම්කරුවෙකි.

නිවසට විදුලිය ලබා ගන්නා ප්‍රධාන විදුලි පද්ධතියෙන් නිවස අසල එළවළු වගා බිමට අනවසර ලෙස ඇඳ තිබු විදුලි සැපයුම් වයරය ගැලවීමට යෑමේදි මෙම පුද්ගලයාට විදුලිය සැරවැදී ඇති බවට පොලීසිය කළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව තලවකැලේ පොලීසිය හා විදුලිබල මණ්ඩලය එක්ව  වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.