(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ විදුලිය ක්‍රියාත්මකව තිබියදී අද (27) විදුලි රැහැන් කිසියම් පිරිසක් හෝ අයෙකු විසින් කපාගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
තම නිවෙස් වලට විදුලිය නොමැති බව යටියන ප්‍රදේශයේ පදිංචි කරුවන් විදුලි බල මණ්ඩලයට කරන ලද පැමිණිලි මත
විසන්ධි වී ඇති විදුලිය යථා තත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩල සේවකයින් යටියන ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ විදුලි රැහැන් කපා ගෙන ගොස් ඇති බව අනාවරණය වූ බව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විදුලි අධිකාරිවරයෙකු මිනුවන්ගොඩ පොලිසියට අද (27) දහවල් පැමිණිලි කර තිබේ .