(රංජන් කස්තුරි සහ මනෝජ් හර්ෂික)
රට පුරා විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියලු අංශවලට දැඩි ආරක්ෂාවක් සපයා ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව විදුලි බලාගාර, බලාගාර ආශ්‍රිත ජලාශ, සම්ප්‍රේෂණ මාර්ග පද්ධති, පද්ධති පාලන මධ්‍යස්ථාන, ග්‍රිඩ් උපපොළවල් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව සපයා ඇති බවද එම අමාත්‍යංශය කියයි.
මීට අමතරව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන මෙන්ම විදුලි ඩිපෝවල ආරක්ෂාව තර කර තිබෙන බවද විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.