(ඩි.ජී.සුගතපාල)
විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටියදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විදේශිකයෙකු සහ ලාංකිකයින් තිදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (04) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරනු ලැබුවේ යුක්රේන ජාතිකයෙකු සමඟ උණවටුනේ පදිංචි පුද්ගලයෙකු සහ බූස්සේ පදිංචි පුද්ගලයින් දෙදෙනකි.
මෙම පුද්ගලයින් විදින තුවක්කුවකින් උණවටුන ජංගල් බිච් මුහුදේ මසුන් මරමින් සිටියදී ලැබුණ තොරතුරක් අනුව නාවික හමුදාවේද සහාය ඇතිව ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.