විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ ජූනි තුන්වන සතියේ


(රංජන් කස්තුරි)

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ජූනි මස තෙවන සතියේදී ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2016 සහ 2017 අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර කණ්ඩායම් දෙකක් බඳවා ගන්නා අතර අධ්‍යාපන විද්‍යාපීඨ 19 සඳහාම සිසුන් 8000ක් බඳවා ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියයි.