(ගලහ ඩබ්ලිව් එ අසේල)
මහනුවර රන්දෙණිගල රජ මාවතේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු ඊයේ (26) රාත්‍රී කිවුල්ලිද පාලමෙන් වික්ටෝරියා ජලාශයට වැටීමෙන් මියගොස් ඇත
මෙසේ මියගොස් ඇත්තේ වලපනේ තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නෙකු ලෙස සේවය කරමින් සිටි කුඹල්ගමුව පදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන චාමර මධුශංක නැමති තරුණයෙකි.
ඔහු මාවනැල්ලේ සිට යතුරු පැදියක් මිලට ගෙන නිවසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
අද උදෑසන ඔහුගේ සිරුර නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් ගොඩගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී සිදු කිරීමට නියමිතය