(ප්‍රසාද් රුක්මල්)
කතරගම වන්දනාවේ ගොස් වැලිමඩ ප්‍රදේශයට පැමිණෙමින් තිබූ වෑන් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල 24 කණුව ප්‍රදේශයේදී අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළි යාමෙන් තරුණයන් නව දෙනෙකු තුවාල ලබා බදුල්ල , බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වැලිමඩ , අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය කියයි.