සුමතිපාල දීයගහගේ
නෙදර්ලන්ත ජාතික අඹුසැමි යුවලක් ගමන් කළ වෑන් රථයක් අහංගම කබලානේ දී පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම විදේශීය කාන්තාව මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නෙදර්ලන්ත ජාතික චෙරිල් ජර්පුඩිස් නැමැති 30 හැවිරිදි විදේශීක කාන්තාවකි.
පසුගිය 5 වැනි දා අලුයම මෙරටට පැමිණි මෙම යුවල එදිනම කටුනායක සිට වෑන් රථයකින් වැලිගම සංචාරක හෝටලයක් වෙත ගමන් කරමින් සිට ඇත.
එසේ එන විට අහංගම කබලානේදී ඔවුන් ගමන් කළ වෑන් රථය අර්ධ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු මිය ගොස් තිබිණි.
අනතුරින් තුවාල ලැබූ විදේශීක අඹුසැමි යුවල ද කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කරන ලද අත්ර එහි ප්‍රතිකාර ලබමින් සිටින විට තුවාලකාරිය මිය ගොස් තිබේ.

