(එස් .ඩි .කොඩිකාර )
දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් විහාරහේන, රුක්මන් යාය ප්‍රදේශයේ කඩාවැටුණු පාළු නිවසක වැසිකිලියක තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හිමිකරුවෙකු නොමැති අලවිය සඳහා සකසා තිබූ රබර් රොටී කිලෝ 330 ක් අද (5) සොයා ගත් බව දෙනියාය පොලීසිය කියයි.
පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම රබර් රොටී තොගය වැසිකිලියේ දමා වසා තිබියදී සොයා ගත් අතර පසුව ඉඩම් හිමිකරු එම ස්ථානයට පොලිසිය මගින් කැඳවා ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම රබර් රොටී තොගය තමන්ගේ නොවන බවත් මේවා කවුරුන් කෙසේ මෙම ස්ථානයට ගෙනැවිත් සඟවා තිබෙන බව තමන් නොදන්නා බවත් ය.
පසුව පොලිස් නිලධාරීන් විසින් එම රබර් රොටී තොගය දෙනියාය පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය අතර පොලිසිය සැක කරනුයේ ව්‍යාපාරික ස්ථානයකින් හෝ රබර් කිරි නිෂ්පාදනය කරන ස්ථානයකින් කවුරුන් හෝ පුද්ගලයකු විසින් සොරකම් කරගෙන ගොස් ඒවා වැසිකිළියේ දමා පසුව අලෙවි කිරීම සඳහා සඟවා ඇති බවට පොලිසිය සැකපළ කරයි.