(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාන්කුලම් ප්‍රදේශයට ඊයේ (2) සවස ඇති වූ සුලි සුළං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට බරපතල හානි සිදුව පවුල් කිහිපයක් විපතට පත්ව ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
මාන්කුලම් ප්‍රදේශයේ පවතින වැසි සිහිත කාලගුණයත් සමඟ පැයකට ආසන්න කාලයක් දැඩි සුළං තත්වයක් පැවති අතර පසුව මද වර්ෂාවක් සමඟ එකවරම එය සුළි සුළං තත්වයකට වර්ධනය වී තම නිවාසවල වහලය සම්පූරණයෙන්ම ගැලවී ගිය බවත් වහලය ගැලවීමෙන් නිවාස අභ්‍යන්තරයට දැඩි හානි සිදු වූ බවට මාන්කුලම් ප්‍රදේශවාසීහු පැවසුහ.
මේ හේතුවෙන් නිවාස 10 ක පමණ වහලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස කිහිපයක වහලයට අර්ධ වශයෙන් හානි සිදුව ඇත.
සුළං හේතුවෙන් හානි වූ නිවාස වෙතට සහන සැලසීමට පියවර ගෙන ඇති අතර විපතට පත් පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවද මුලතිව් ආපදා කළමනාකරණ එක්කයේ නිලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ.