වැසි සමයේ ඩෙංගු මැඩලන්න උතුරේ විශේෂ වැටසටහන්


(රොමේෂ් මධුෂංඛ)

නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ ඩෙංගු උවදුර හිස එසවීමේ අවධානමක් පවතින හෙයින් උතුරේ ඩෙංගු රෝගය  මැඩ පැවත්වීමේ  වැඩසටහන්  රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.


එහි එක් පියවරක් වශයෙන් උතුරේ පිහිටි සියලුම නගරයන්හි ජනතාව බහුලව ගැවසෙන් ස්ථානයන්හි ඩෙංගු කීටයන් ඇති විය ස්ථාන සොයා විනාශ කිරීමට පියවර ගෙන ඇති අතරම අනෙක් පියවර වශයෙන් ග්‍රාමීය වශයෙන් ජනතාව දැනුවත් කර  ගම්මාන ගම්මානයන්හි ඇල වේලී පිරිසිදු කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව උතුරේ ආරක්ෂක අංශ විසින්ද ඩෙංගු උවදුර මැඩ පැවත්වීම සඳහා නගර ආශ්‍රිතව හා මහා මාර්ග පිරිසිදු කරමින් සහය දැක්වීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.